BUCL 12021 (C) - උපදේශන ක්‍රම ශිල්ප සහ කුසලතා විෂය ඒකකය හදාරන පළමු වසර සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයේ සිසුන් සඳහා නියමිත උපදේශන කුසලතා පුහුණු පරීක්‍ෂණය 2018 ඔක්තෝබර් මස 08 සහ 09 යන දෙදින තුළ පෙ.ව. 9.00 සිට විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. මේ සඳහා පරීක්ෂකවරුන් ලෙස බෞද්ධ උපදේශනය පිළිබඳ උපදේශිකා ඩබ්.පී.එල්.එම්. නිලූෂිකා මිය සහ බාහිර කථිකාචාර්ය ජී.කේ.ජී.එම්. හේමචන්ද්‍ර මහතා සම්බන්ධ විය.