
සාමාන්‍ය ප්‍රවේශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2020 වසරේ හා 2021 වසරේ පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හා ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන් 2022.10.14 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
බඳවා ගන්නා ආකාරය:
අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ලබා ගත් Z ලකුණුවල (Z score) ප්‍රමුඛතාව සහ ප්‍රාචීන මධ්‍යම විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්‍ෂණයට ලක් කොට බඳවා ගනු ලැබේ.
ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම්:
1. නියමිත වසරේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී බෞද්ධ විෂය ක්ෂේත්‍රයේ විෂයක් (බෞද්ධ ශිෂ්ටාචාරය/බුද්ධධර්මය) හා පාලි විෂය සහිත ව විෂයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30%කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම.හෝ
2. නියමිත වසරේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සංස්කෘත හෝ ඉතිහාසය හෝ සිංහල සහ පාලි විෂය සහිත ව විෂයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30%කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම.
හෝ
3. නියමිත වසරේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී පාලි විෂයට පෙනී නොසිටියේ නම් අ.පො.ස. (උ.පෙළ) බෞද්ධ විෂයක් (බෞද්ධ ශිෂ්ටාචාරය/බුද්ධධර්මය) සහ භාෂා විෂයක් සහිත ව විෂයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30%කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම සහ පාලි විෂය පිළිබඳ අවම වශයෙන් පහත සඳහන් සුදුසුකම්වලින් එකක් වත් සපුරා තිබීම.
i. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ පාලි විෂය සමත් වීම.
ii. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාලි විෂය සමත් වීම.
iii. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂය සමත් වීම.
iv. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පාලි ඩිප්ලෝමා පරීක්‍ෂණය සමත් වීම.
v. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම.හෝ
4. ප්‍රාචීන මධ්‍යම විභාගය සමග නියමිත වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) සමත්වීම සහ සමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට ලකුණු 30ක් ලබා තිබීම.
සංස්කෘත විශේෂ ප්‍රවේශය
විශ්වවිද්‍යාලය තුළ සංස්කෘත පාඨමාලාව සඳහා ශිෂ්‍යයන් උනන්දු කරවීම අරමුණු කොට ඉහත සඳහන් ර්වෂවල පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් සංස්කෘත විෂයට සාමර්ථ්‍යයක් සහිත ව අදාළ ප්‍රවේශ සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍යයන්ගෙන් ද සීමිත සංඛ්‍යාවක් සංස්කෘත විෂය අනිවාර්ය කොට විශ්වවිද්‍යාලයට බඳවා ගනු ලැබේ. සංස්කෘත විෂය අනිවාර්ය කර බඳවා ගත් සිසුන් තම අධ්‍යයන කාලය තුළ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) හෝ ශාස්ත්‍රවේදී (විශේෂ) පාඨමාලා සඳහා එම විෂය ම හැදෑරිය යුතු ය. එම කාලය තුළ වෙනත් පාඨමාලාවලට මාරු කරනු නො ලැබේ.
Downloads
Mar
31
Mar
31
Mar
27
Mar
27
Mar
25
Mar
24