ක්ෂේත්‍ර චාරිකාව - දෙමළ සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂයේ දෙමළ භාෂා පාඨමාලා සඳහා නිර්දේශිත ක්ෂේත්‍ර චාරිකාව ඉතාමත් සාර්ථක ව 2025.08.09 සහ 2025.08.10 යන දෙදින තුළ පවත්වන ලදී.
චාරිකාවේ ප්‍රධාන අරමුණ වුයේ දෙමළ භාෂාව, සංස්කෘතිය සහ දෙමළ ජන සමාජයේ ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමයි. ඒ සඳහා කොත්මලේ සහ එහි අවට ප්‍රදේශය යොදා ගන්නා ලදී.
පළමු දින පහළ කොත්මලේ නැරඹුම් මධ්‍යස්ථානය සහ අවට පරිසරයත් කොත්මලේ ජලාශයත් ඉන් අනතුරුව කොත්මලේ මහවැලි මහා සෑය, දුටුගැමුණු රජු ස්නානය කළ දිය පීල්ලත් කොත්මලේ උමගත් නරඹන ලදී. එදින සවස කොත්මලේ තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පැළ සිටුවීමේ වැඩසටහනක් පවත්වන ලදී. සවස් කාලයේ දෙමළ සාම්ප්‍රදායික ආහාර සෑදීම සඳහා විද්‍යාර්ථීන් සහභාගී වූහ.
දෙවන දින පොංගල් පූජාව සකසන ලද අතර විද්‍යාර්ථීන් විසින් එම පූජාව කෝවිල වෙත ගෙන ගොස් පූජාවට සහභාගී වන ලදී. කෝවිල් පූජාවෙන් අනතුරු ව හින්දු මෙහෙණින් වන්සේ නමක වන බ්‍රහ්මචාරිණී තන්වි චේතන්‍යා මෙහෙණින් වහන්සේ විසින් පැයක ධර්ම දේශනයක් පවත්වන ලද අතර එහි දී දහම් කරුණු සාකච්ඡා කරන ලදී. ඉන්පසුව කොත්මලේ ප්‍රදේශයේ ගර්භණී මාතාවන් 40 දෙනෙකු වෙත ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාගයක් සිදුකරන ලදී.
අනතුරු ව කොත්මලේ නියම්ගම්දොර ප්‍රාථමික විදුහලේ රුක්රෝපණ වැඩසටහනට සහභාගී වූ අතර එහිදී පුවක් පැළ 50ක් විද්‍යාර්ථීන් විසින් විද්‍යාල පරිශ්‍රයේ රෝපණය කරන ලදී. විද්‍යාර්ථී හිමිනමක විසින් පාසල වෙත පුද්ගලික ලිපිද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.
පසුව කොත්මලේ මහ විදුහල වෙත පුවක් පැළ 100ක් ප්‍රදානය කරන ලදී. අක්කර දොළහකින් සමන්විත එම පාසලේ සිදුකිරීමට නියමිත පැළ දහසක රුක්රෝපණ ව්‍යාපෘතියේ පැළ සිටුවීම ආරම්භ කරනු ලැබුවේ 2023 වර්ෂයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂා පාඨමාලාවන් හදාරන ලද විද්‍යාර්ථීන් විසිනි. මෙවර චාරිකාවට දෙමළ භාෂා පාඨමාලා සමායෝජක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිමාලි ප්‍රියංගිකා මහත්මිය සහ බාහිර කථිකාචාර්ය ලක්ෂ්මන් කුමාර් මහතා සහභාගී වූහ.

දෙමළ භාෂා පාඨමාලා සමායෝජක

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1325925946203611

Posted in News on Aug 18, 2025

Upcoming Events

Nov

07

07 Nov - 11 Nov
සංශෝධනය නොකළ කාලසටහන/ not amended timetable - first & second semester examination - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 15 Nov
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results