Undergraduate Studies 

විශ්වවිද්‍යාලය ප්‍රවේශය - (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා)

2025/ 2026 අධ්‍යයන වර්ෂය


සාමාන්‍ය ප්‍රවේශය


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2021, 2022, 2023 හා 2024 වර්ෂවල පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හෝ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි පහත සඳහන් සුදුසුකම් ලබා ගත් වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන් 2025.08.08 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.


බඳවා ගන්නා ආකාරය:

2021, 2022, 2023 හා 2024 වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ලබා ගත් Z ලකුණුවල (Z Score) ප්‍රමුඛතාව සහ ප්‍රාචීන මධ්‍යම විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්‍ෂණයට ලක් කොට බඳවා ගනු ලැබේ.


ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම්:

1. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී බෞද්ධ විෂය ක්ෂේත්‍රයේ විෂයයක් (බෞද්ධ ශිෂ්ටාචාරය/බුද්ධධර්මය) හා පාලි විෂය සහිත ව විෂයයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම.

හෝ

2. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී පාලි විෂය සහිතව සංස්කෘත හෝ ඉතිහාසය හෝ සිංහල යන විෂය ඇතුලුව විෂයයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම.

හෝ

3. ප්‍රාචීන මධ්‍යම විභාගය සමත් වීම.

හෝ

4. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී පාලි විෂයයට පෙනී නොසිටියේ නම් අ.පො.ස. (උ.පෙළ) බෞද්ධ විෂයක් (බෞද්ධ ශිෂ්ටාචාරය/බුද්ධධර්මය) සහිත ව විෂයයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම සහ පාලි විෂය පිළිබඳ අවම වශයෙන් පහත සඳහන් සුදුසුකම්වලින් එකක් වත් සපුරා තිබීම.

i. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ පාලි විෂය සමත් වීම.

ii. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාලි විෂය සමත් වීම.

iii. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂය සමත් වීම.

iv. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පාලි ඩිප්ලෝමා පරීක්‍ෂණය සමත් වීම.

v. රජයේ අනුමත හෝ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් පාලි ඩිප්ලෝමාව සමත් වීම.

vi බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම.

හෝ

5.ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමඟ නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) සමත්වීම.

හෝ

6.කවර හෝ විෂය ධාරාවකින් අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ විෂයයන් තුන සමත්වීම, සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට ලකුණු 30ක් ලබා තිබීම  හා පහත සඳහන් සුදුසුකම් අතුරින් අවම වශයෙන් එකක් හෝ සපුරා තිබීම.

i. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ පාලි විෂය සමත් වීම.

ii. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාලි විෂය සමත් වීම.

iii. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂය සමත් වීම.

iv. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පාලි ඩිප්ලෝමා පරීක්‍ෂණය සමත් වීම.

v. රජයේ අනුමත හෝ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් පාලි ඩිප්ලෝමාව සමත් වීම.

vi. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම.

හෝ

7.විද්‍යෝදය හා විද්‍යාලංකාර අවසාන විභාගය සමත්ව තිබීම.


සංස්කෘත විශේෂ ප්‍රවේශය

විශ්වවිද්‍යාලය තුළ සංස්කෘත පාඨමාලාව සඳහා ශිෂ්‍යයන් උනන්දු කරවීම අරමුණු කොට ඉහත සඳහන් වර්ෂවල පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් සංස්කෘත විෂයයට සාමර්ථ්‍යයක් සහිත ව අදාළ ප්‍රවේශ සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍යයන්ගෙන් ද සීමිත සංඛ්‍යාවක් සංස්කෘත විෂය අනිවාර්ය කොට විශ්වවිද්‍යාලයට බඳවා ගනු ලැබේ.  සංස්කෘත විෂය අනිවාර්ය කර බඳවා ගත් සිසුන් තම අධ්‍යයන කාලය තුළ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) හෝ ශාස්ත්‍රවේදී (විශේෂ) පාඨමාලා සඳහා එම විෂය ම හැදෑරිය යුතු ය. එම කාලය තුළ වෙනත් පාඨමාලාවලට මාරු කරනු නො ලැබේ.

අයදුම්පත් ලබා ගත හැකි ආකාරය:

■ වෙබ් අඩවිය මගින්:

අයදුම්පත හා අදාළ විස්තර www.bpu.ac.lk යන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි ය.  

වෙබ් අඩවිය මගින් ලබා ගන්නා අයදුම්පත සම්පූර්ණ කර ඒ සමග හෝමාගම ලංකා බැංකු ශාඛාවේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ගිණුම් අංක 711201ට බැර වන පරිදි රු. 500.00ක් ගෙවා ලබා ගන්නා ලද බැංකු කුවිතාන්සිය අමුණා ලියාපදිංචි තැපෑලෙන් 2025.08.08 දිනට පෙර පහත ලිපිනයට එවිය යුතු ය. 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (ශිෂ්‍ය සේවා  - වැඩ ආවරණ), ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ගුරුළුගෝමී මාවත, පිටිපන උතුර, හෝමාගම.

දුරකථන අංකය :-011-2857786

■ තැපැල් මගින්:

තැපැල් මගින් අයදුම්පත් ලබා ගන්නේ නම්, හෝමාගම ලංකා බැංකු ශාඛාවේ,  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ගිණුම් අංක 711201ට බැර වන පරිදි රු. 500.00ක් ගෙවා ලබා ගන්නා ලද බැංකු කුවිතාන්සිය සමග 10"x7", ප්‍රමාණයේ තම නම සහ ලිපිනය ලියන ලද රු. 110.00ක මුද්දර ඇලවූ ලියුම් කවරයක් ද සමග 2025.07.31 දිනට පෙර ලැබෙන සේ එවිය යුතු ය.  චෙක්පත් හෝ මුදල් ඇණවුම් භාර ගනු නො ලැබේ.  අයදුම්පත් ලබා ගැනීම සඳහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “විශ්වවිද්‍යාලය ප්‍රවේශය - 2025/2026” යනුවෙන් සඳහන් කළ යුතු ය.

■ පැමිණ ලබා ගැනීම:

අයදුම්පත් හා අදාළ විස්තර හෝමාගම, පිටිපන නගරය, මොරගහහේන පාරේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ දී සතියේ වැඩ කරන දිනවල ප.ව. 3.00 ට පෙර 2025.08.01 දින දක්වා පැමිණ ලබා ගත හැකි ය.

අසම්පූර්ණ අයදුම්පත් සහ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනයෙන් පසු ව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2025.08.08 දිනට පෙර ඉහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය. කවරයේ වම්පස ඉහළ කෙළවරේ “විශ්වවිද්‍යාලය ප්‍රවේශය -2025/2026” යනුවෙන් සඳහන් කළ යුතු ය.

සැ.යු. :-   විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට සහ උපාධි ප්‍රදානයට අදාළ නීතිරීතිවලට යටත් ව සිසුන් ලියාපදිංචි කරන බව ද, පැවිදි ශිෂ්‍යයෙකු වශයෙන් ලියාපදිංචිය ලබා ගත් පසු උපැවිදි වුවහොත් ශිෂ්‍ය භාවය හා ඊට හිමි සියලු වරප්‍රසාද අහිමි වන බව ද, පැවිදි ශිෂ්‍යයෙකු උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රථම උපැවිදි වුවහොත් අනුපස්ථිතියෙහි පමණක් අදාළ උපාධිය ප්‍රදානය කරනු ලබන බව ද පැවිදි නමින් පමණක් උපාධි සහතිකය ප්‍රදානය කරනු ලබන බව ද සැලකිය යුතු ය.


ලේඛකාධිකාරී - වැඩබලන

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,

අංක 37, මොරගහහේන පාර, පිටිපන නගරය,

හෝමාගම.

2025.07.16



Downloads 


Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results