ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය : තර්ජන අභියෝග හා අනාගතය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සහ Archaeology.lk වෙබ් අඩවිය එක්ව සංවිධානය කරනු ලබන ලාංකේය බෞද්ධ උරුමය තර්ජන අභියෝග හා අනාගතය මැයෙන් වන ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය 2020 සැප්තැම්බර් මස 24 වන දින උදෑසන 9 සිට සවස 4 දක්වා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.


ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව මෙරට මහා සංස්කෘතිය බෞද්ධ පදනම මත ගොඩනැගුණකි. ඒ නිසා ම සියවස් ගණනක් තුළ වෙනත් ආගමික හා සංස්කෘතික කණ්ඩායම්වලට ද නොබියව සිය පැවැත්ම තහවුරු කර ගැනීමේ අවස්ථාව සැලසී තිබේ. එබැවින් බෞද්ධ උරුමයේ ආරක්ෂාව අනෙකුත් සංස්කෘතික කණ්ඩායම්වල ආරක්ෂාව ද වන්නේ ය. අවාසනාවකට මෙන් දශක කිහිපයක් තුළ බෞද්ධ උරුමයට එරෙහි බලවේගවල ක්‍රියාකාරීත්වය බෙහෙවින් වර්ධනය වෙමින් පවතී. ශාස්ත්‍රීය හා අශාස්ත්‍රීය යන දෙඅංශයෙන් ම මේ බලපෑම් ඉස්මතුව තිබීම දැඩි අවධානයට ලක් විය යුත්තකි. ඒ විනාශකාරී ක්‍රියාකාරීත්ව බාහිරව මෙන් ම අභ්‍යන්තරිකව ද සක්‍රීයව පැවතීම බෞද්ධ උරුමයෙහි අනාගත පැවැත්මට කිසිසේත් හිතකර වන්නක් නොවේ.
එබැවින් මෙරට බෞද්ධ උරුමය මුහුණ දෙමින් සිටින විවිධ තර්ජන හා අභියෝග පිළිබඳ අවධානය යොමු කරවීමත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවක් ඇති කරවීමත් මෙම සම්මන්ත්‍රණයේ මුඛ්‍ය අරමුණු වෙයි. බෞද්ධ උරුමය යන්න පුලුල් තේමාවක් වන බැවින් එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවනු ලැබේ.

මෙම සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ‘බෞද්ධ උරුම සංරක්ෂණය උදෙසා විද්වතුන්ගේ කාර්යභාරය’ මැයෙන් ආචාර්ය ගාමිණී විජේසූරිය විසිනි. උරුමයේ විවිධත්වය, උරුම විනාශය, උරුම සංරක්ෂණය, ස්ථානීය අනන්‍යතා විකෘතිකරණය හා උරුම ආක්ෂණය කෙරෙහි ජාතිකවාදී දැක්මක අවශ්‍යතාව වැනි විවිධ අංශ ආවරණය කෙරෙන දේශන දේශන පහකින් සම්මන්ත්‍රණය සමන්විත වනු ඇත. සැම සැසියක් අවසානයේ ම සාකච්ඡා වාරයක් බැගින් වන අතර, සහභාගි වන ඕනෑම අයෙකුට සිය අදහස් විවෘතව ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙයි.


       


දැනට රට තුළ පවතින වාතාවරණය හේතු කොට ගෙන සම්මන්ත්‍රණයට සහභාගි කරවා ගත හැකි පිරිස දෙසියයකට සීමා කෙරෙනු ඇත. සිය සහභාගීත්වය ලියාපදිංචි කිරීම Archaeology.lk වෙබ් අඩවියෙහි මේ වන විටත් ආරම්භ කර තිබේ. ඒ අනුව ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාව මත එම අවස්ථාව හිමි වන බව දන්වා සිටිනු කැමැත්තෙමු. සහභාගිවන සියල්ලන් සඳහා සම්මන්ත්‍රණය අවසානයේ සහතික පත්‍රයක් ද පිරිනැමෙනු ඇත.

මෙම ශාස්ත්‍රීය සම්මන්ත්රණය සඳහා පහත දැක්වෙන පෝරමය පුරවා ලියාපදිංචි විය හැක. https://bit.ly/3gI2f6w

ලාංකේය බෞද්ධ උරුමය තර්ජන අභියෝග හා අනාගතය මැයෙන් වන මෙම සම්මන්ත්‍රණය සංවිධානය වනුයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යයායන් වහන්සේගේත්, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිතුමන්ගේත් පූර්ණ ආශිර්වාදයෙනි. එය සාර්ථක කර ගැනීම පිණිස ඔබ සියල්ලන්ගේ බුද්ධිමය දායකත්වය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයත්, Archaeology.lk කණ්ඩායමත් ඉත සිතින් අපේක්ෂා කරයි.

මාධ්‍ය සාකච්ඡා


Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results