Event Details

බඳවාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2025 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සඳහා, සුදුසුකම් පරීක්‍ෂා කර ලියාපදිංචි කිරීම වෙනුවෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් දිනයන්හී දී පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, නො. 214 හි පිහිටි පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

  • 2025.01.04 දින - ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා
  • 2025.01.05 දින - ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණ සඳහා පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන් සඳහා

සුදුසුකම් සම්පූර්ණ කර ඇති අපේක්ෂකයින් එදින ම ලියාපදිංචි කර ගන්නා අතර පහත සඳහන් ලිපි ලේඛන රැගෙන පැමිණීම අනිවාර්ය බව දන්වමි. ඒ අනුව එදින පහත සඳහන් පාඨමාලා ගාස්තු ද ගෙවිය යුතු බව කාරුණිකව දන්වා සිටිමි.

01. ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක් / උප්පැන්න සහතිකය සහ එහි ඡායා පිටපතක්
02. ප්‍රථම උපාධිය සඳහා හදාරන ලද විෂයයන් සඳහන් විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයේ මුල් පිටපත සහ එහි සහතික කරන ලද ඡායා පිටපතක් (අයදුම්පත සමඟ එවා ඇත්නම් පිටපත් අවශ්‍ය නොවේ)
03. සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් (02)

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට පාඨමාලා ගාස්තුව වාරික දෙකකින් (02) ගෙවීමට අවසර දෙනු ලැබේ. ඒ අනුව පළමු වාරිකය රු. 38000ක් වන අතර, අයඳුම්පත්‍ර ගාස්තුව ගෙවා ඇත්නම් පළමු වාරිකය රු. 37000 කි. එය ලියාපදිංචි දිනයේ දී ම ගෙවීම අනිවාර්යය වේ. ඉතිරි මුදල විභාගයට පෙනී සිටීමට පෙර ගෙවා අවසන් කළ යුතු ය.

ඒ අනුව ඉහත සඳහන් දිනයන්හී දී සම්මුඛ පරීක්‍ෂණ සඳහා පෙනී සිටින ලෙස දන්වා සිටිමි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)
ලේඛකාධිකාරි වෙනුවට

Posted on Jan 02, 2025

Upcoming Events

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 07 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results