Event Details

බඳවාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2025 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සඳහා, සුදුසුකම් පරීක්‍ෂා කර ලියාපදිංචි කිරීම වෙනුවෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් දිනයන්හී දී පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, නො. 214 හි පිහිටි පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

  • 2025.01.04 දින - ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා
  • 2025.01.05 දින - ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණ සඳහා පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන් සඳහා

සුදුසුකම් සම්පූර්ණ කර ඇති අපේක්ෂකයින් එදින ම ලියාපදිංචි කර ගන්නා අතර පහත සඳහන් ලිපි ලේඛන රැගෙන පැමිණීම අනිවාර්ය බව දන්වමි. ඒ අනුව එදින පහත සඳහන් පාඨමාලා ගාස්තු ද ගෙවිය යුතු බව කාරුණිකව දන්වා සිටිමි.

01. ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක් / උප්පැන්න සහතිකය සහ එහි ඡායා පිටපතක්
02. ප්‍රථම උපාධිය සඳහා හදාරන ලද විෂයයන් සඳහන් විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයේ මුල් පිටපත සහ එහි සහතික කරන ලද ඡායා පිටපතක් (අයදුම්පත සමඟ එවා ඇත්නම් පිටපත් අවශ්‍ය නොවේ)
03. සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් (02)

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට පාඨමාලා ගාස්තුව වාරික දෙකකින් (02) ගෙවීමට අවසර දෙනු ලැබේ. ඒ අනුව පළමු වාරිකය රු. 38000ක් වන අතර, අයඳුම්පත්‍ර ගාස්තුව ගෙවා ඇත්නම් පළමු වාරිකය රු. 37000 කි. එය ලියාපදිංචි දිනයේ දී ම ගෙවීම අනිවාර්යය වේ. ඉතිරි මුදල විභාගයට පෙනී සිටීමට පෙර ගෙවා අවසන් කළ යුතු ය.

ඒ අනුව ඉහත සඳහන් දිනයන්හී දී සම්මුඛ පරීක්‍ෂණ සඳහා පෙනී සිටින ලෙස දන්වා සිටිමි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)
ලේඛකාධිකාරි වෙනුවට

Posted on Jan 02, 2025

Upcoming Events

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results