පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණුව - පළමුවන අදියර 2022

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායමට නියමිත ක්ෂේත්‍ර පුරාවිද්‍යාව (ARCH 31123) විෂය පත්‍රයට අදාළ ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන 2022/07/04 වන දින සිට 2022/07/15 දින දක්වා අදියර කිහිපයක් යටතේ සිදු කෙරේ. එම පුහුණු වැඩසටහනේ පළමුවන අදියර මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතියට අයත් කුජ්ජතිස්ස ස්ථූප පරිශ්‍රයේ දී 2022/07/04 වන දින සිට 2022/07/11 වන දින දක්වා ක්‍රියාත්මක විය. පුරාවිද්‍යා කැණිම් ක්‍රියාවලිය හා සම්බන්ධ එම ක්ෂේත්‍ර පුහුණුවේ දී මතුපිට භූමිය නිරීක්ෂණය කිරීම, ක්ෂේත්‍ර උපකරණ භාවිතය, කොටු දැල් සකස් කිරීම, මතුපිට මිණුම් ලබා ගැනීම, පුරාවිද්‍යා කැණිම හා සම්බන්ධ සැලසුම්කරණය, ඡායාරූපකරණය සහ වාර්තාකරණය, ප්‍රායෝගික කැණීම් පුහුණුව ලබාදීම, පස් ස්ථර අධ්‍යයනය ආදී ක්‍රියාකාරකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. ඒ සඳහා මහාවිහාර ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකාර එච්. එම්. එම්. හේරත් මහතා, ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරි ආර්. පී. චන්ද්‍රරත්න මහතා, පුරාවිද්‍යා නිලධාරි ඉරේෂා වන්නිනායක මහත්මිය, කැණීම් පුහුණුභාර පුරාවිද්‍යා නිලධාරි, බාහිර කථිකාචාර්ය නිලංග උදාර ජයරත්න මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරි, බාහිර කථිකාචර්ය පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමි, වයඹ පළාත් පුරාවිද්‍යා කලාපභාර නිලධාරී පූජ්‍ය රඹෑවේ ධම්මවිජය හිමි සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන් ඇතුලු පිරිස සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප :https://tinyurl.com/9ujvj58r

5.png

10.jpg

14.jpg

Posted in News on Jul 11, 2022

Upcoming Events

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Exam Results
See latest exam results