පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරය සහ පුස්කොළ ලේඛන අධ්‍යයන හා සංරක්ෂණ ඒකකය විවෘත කිරීම
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් ස්ථාපනය කරන ලද පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරය සහ පුස්කොළ ලේඛන අධ්‍යයන හා සංරක්ෂණ ඒකකය විවෘත කිරීම 2023.08.23 දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු විය. ගෞරවාර්හ මහෝපාධ්‍යයායන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට පීඨාධිපතිවරු ඇතුළු අධයයන කාර්ය මණ්ඩලය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන්, ලේඛකාධිකාරිතුමා ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ අභ්‍යන්තර හා බාහිර විද්‍යාර්ථීන් ද සහභාගි වී සිටියහ.
වල්පොල රාහුල හිමිගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පුස්කොළ ඒකකය හා පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරය ගෞරවාර්හ මහෝපාධ්‍යයායන් වහන්සේගේ සුරතින් විවෘත කෙරෙණි. උත්සව සභාවේ පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි විසින් සිදු කරන ලදි. විශ්වවිද්‍යාලයීය කෞතුකාගාරවල කාර්යභාරය පිළිබඳ ප්‍රධාන දේශනය මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමන් පැවැත්වූ අතර පීඨාධිපතිවරු හා මහෝපාධ්‍යයායයන් වහන්සේ විසින් සුභාශිංසන එක් කරන ලදහ, 2022 හා 2023 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා ශාස්ත්‍රීය සඟරා එළිදැක්වීම ද මෙහි දී සිදු වීම විශේෂත්වයකි. පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරය පිහිටුවීමේ කටයුතුවලදී දායකවූවන් අගයමින් සමරු තිළිණ ප්‍රදානය කෙරිණි. එදින උත්සව සභාව මෙහෙයවීම පුරාවිද්‍යා අධයයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය ඉෂංඛ මල්සිරි මහත්මා සිදුකළ අතර ලේඛකාධිකාරීතුමන්ගේ ස්තුති කථාවෙන් පසු උත්සව සභාවේ වැඩ කටයුතු නිමාවට පත් කෙරිණි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති -පුරාවිද්‍යා අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.788136106649267
![]() |
![]() |
![]() |
|
|
|
![]() |
![]() |
![]() |