ක්ෂේත්‍ර පුහුණු වැඩමුළුව - අනුරාධපුර වෙස්සගිරි පුරාවිද්‍යා ක්ෂේත්‍රය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා සෙල්ලිපි පිටපත් කිරීම, වාර්තාකරණය සහ පුරාවිද්‍යා පරිශ්‍රයක කාලානුක්‍රමාවලිය ගොඩනැගීම පිළිබඳ ප්‍රායෝගික දෙදින පුහුණු වැඩමුළුවක් 2023/09/14 සහ 15 දිනවල අනුරාධපුර වෙස්සගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ දී පැවැත්විණි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණකවිද්‍යා අංශයේ සංවර්ධන නිලධාරි පූජ්‍ය කන්තලේ සුමිත්ත හිමි, අභිලේඛන සහකාර කේ. පී. ජනක මහතා, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා සහ බාහිර කථිකාචාර්ය නිලංක උදාර ජයරත්න මහතා ඇතුළු පිරිස විශේෂ සම්පත්දායකත්වය ලබා දුන්හ.
මෙම පුහුණු වැඩමුළුව සඳහා අවසරය ලබා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යායය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංස නාහිමියන්ට, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමියන්ට, වැඩබලන ලේඛකාධිකාරී ඊ. ඒ. ගුණසේන මහතාට, මූල්‍යාධිකාරි එම්. ඒ. වී. එස්. ගුණවර්ධන මහතාට හා විශේෂ සම්පත් දායකත්වය සහ සහාය ලබාදුන් සියලු දෙනාටත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති,
පුරාවිද්‍යා අධ්‍යයන අංශය.
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.801557891973755
![]() |
![]() |
![]() |