“අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල”

මෙම අරමුදල පිහිටුවීම මගින්, ඇමරිකාවේ ප්‍රධාන සඞ්ඝ නායක අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ වල්පොළ පියනන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරනු ලබන ජාතික හා ජාත්‍යන්තර ධර්ම ශාස්ත්‍රීය සේවාව ඇගයීම සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය විෂය හදාරන ඉහළම දක්ෂතා දක්වන විද්‍යාර්ථින් ධර්ම සන්නිවේදනය විෂයයෙහි තවදුරටත් අභිප්‍රේරණය කිරීමට ස්වර්ණ මුද්‍රිකාවක් පිරිනැමීම අරමුණු කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව (බෞද්ධ සංස්කෘතිය) හදාරන (සිංහල හා ඉංග්‍රීසි) විද්‍යාර්ථීන් අතරින් සමස්ත විෂය පත්‍රයන්හි ශ්‍රේණිගත අගයන්ගේ උපරිම ශ්‍රේණි ලකුණු සාමාන්‍ය ලබාගන්නා විද්‍යාර්ථියාට “අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන්ද්‍ර ස්වර්ණ මුද්‍රිකාව” පිරිනැමේ.

අංශාධිපති
බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශය

Posted in News on Nov 01, 2023

Upcoming Events

Dec

01

01 Dec - 15 Dec
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - ii පරීක්ෂණය, 2024 ඔක්තෝබර්
උක්ත පරීක්ෂණ සඳහා පෙනී...

Nov

30

30 Nov - 07 Dec
විශේෂ නිවේදනය - postponement of examinations
සියලුම අභ්‍යන්තර සිසු�...

Nov

27

27 Nov - 28 Nov
විශේෂ නිවේදනය/ special notice
අයහපත් කාලගුණික තත්ත්�...

Nov

27

27 Nov - 12 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination ii - october, 2024
2024 ඔක්තෝබර් මස පැවති ශා�...

Nov

24

24 Nov - 25 Nov
විශේෂ නිවේදනය
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Nov

21

21 Nov - 26 Dec
Updated - සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Exam Results
See latest exam results