ක්ෂේත්‍ර නිරීක්ෂණය (ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව) - 2023
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ 2023 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) උපාධි පාඨමාලාවට නියමිත බෞද්ධ කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය (MABS 53075) විෂය පත්‍රය හදාරන ශිෂ්‍ය කණ්ඩායම සඳහා එක්දින ක්ෂේත්‍ර නිරීක්ෂණයක් 2023/08/26 වන දින අනුරාධපුර පුරාවිද්‍යා උරුම පරිශ්‍රය ආශ්‍රිතව පැවැත්විය. ඒ සඳහා අවස්ථාව සලසා දුන් පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මොරගොල්ලාගම උපරතන හිමියන්, ගරු මහෝපාධ්‍යායය (ධුරයේ කාර්යයන් ඉටුකරන) මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස නාහිමියන් ඇතුළු සියලු දෙනාට ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරමි. ක්ෂේත්‍ර නිරීක්ෂණය මෙහෙයවීම සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, බාහිර කථිකාචාර්ය නිලංක උදාර ජයරත්න මහතා සහභාගි වූහ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති - පුරාවිද්‍යා අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.794357849360426
![]() |
![]() |