කාසි සුචිගත කිරීමේ ව්‍යාපෘතිය -2022

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණකවිද්‍යා අංශය විසින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දෙවන වසර (විශේෂ/සාමාන්‍ය) ශිෂ්‍ය කණ්ඩායම සඳහා කාසි සුචිගත කිරීමේ පුහුණු ව්‍යාපෘතියක් 2022/11/01, 02, සහ 03 යන දිනයන් හි අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේ දී පවත්වන ලදි. ඒ සඳහා අවස්ථාව සලසා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාටත්, අභිලේඛන හා නාණකවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාටත්, පුහුණු ව්‍යාපෘතිය සඳහා සම්පත් දායකත්වය ලබාදුන් ව්‍යාපෘතිභාර නිලධාරි අජිත් අතුකොරළ මහතාටත්, සංවර්ධන නිලධාරී, පූජ්‍ය කන්තලේ සුමිත්ත හිමියන්ටත්, ශිලාලේඛන සහකාර කේ. පී. ජනක මහතාටත්, අනුරාධපුර කෞතුකාගාර නිලධාරී තමරා මහත්මිය ඇතුළු සියලු දෙනාටත් පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ස්තූතිය ප්‍රකාශ කරමි.

පුහුණු ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය (ධුරයේ කාර්යයන් ඉටුකරන) මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමි, සමය හා තුලනාත්මක අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද හිමි, බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය නිලන්ත පී. දිසානායක මහතා, වැඩබලන ලේඛකාධිකාරී ඊ. ඒ. ගුණසේන මහතා, මූල්‍යාධිකාරි එම්. ඒ. වී. එස්. ගුණවර්ධන මහතා ඇතුළු සහාය ලබාදුන් සියලු දෙනා ද ගෞරවයෙන් සිහිපත් කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප : https://tinyurl.com/ycxc7dww

5-1.jpg

10 -1.jpg

Posted in News on Nov 09, 2022

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results