පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවේ දෙවැනි අදියර

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් යෝජිත පුස්කොළ ලේඛන අධ්‍යයන හා සංරක්ෂණ ඒකකය පිහිටුවීමට පූර්ව පියවරක් වශයෙන් අප්‍රේල් මස 23 වන දින බෙලිඅත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ආරම්භ කෙරුණු පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවේ දෙවැනි අදියර ඉකුත් 24-27 දිනවල සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි. එහි දී පුස්කොළ ලේඛන කලු මැදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් සම්පූර්ණ කර ගැනීම සඳහා වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිසුන්ව පුහුණු කරවන ලදි. ගැඩුඹ ගසක් කපා ගැනීමේ සිට එය කැබලි කිරීම, පිළිස්සීම, අඟුරු වෙන්කරගැනීම හා කුඩු බවට පත්කරගැනීමටත්, නිස්සාරණ ක්‍රියාවලිය මගින් දුම්මල තෙල් නිෂ්පාදනය කර ගැනීමටත් අදාළ කටයුතු මෙහි දී සිදු විය. දුම්මල තෙල් නිස්සාරණ කටයුතුවල දී බෙලිඅත්ත පොලිසියේ නිලධාරීන්ගේ සහාය ලැබීම ද කැපී පෙනුණි. සිසුන්ගේ කටයුතු අධීක්ෂණය හා අවශ්‍ය මඟපෙන්වීම් සිදු කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන්ට අමතරව පුරාවිද්‍යා නිලධාරීන් වන නිලංක උදාර ජයරත්න මහතාත්, පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමියනුත් සහභාගි වී සිටියහ. මෙම වැඩමුලුවේ තෙවන අදියර යටතේ පුස්කොළ ලේඛන කලු මැදීම සිදු කිරීමට අපේක්ෂිතයි.

කථිකාචාර්ය ආචාර්ය. ඉෂාන්ක මල්සිරි - පුරාවිද්‍යා අධ්‍යයන අංශය

Posted in News on May 04, 2021

Upcoming Events

Nov

21

21 Nov - 26 Dec
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Oct

09

09 Oct - 12 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 විභාග කාලසටහන - iii පරීක්ෂණය - 2025 ඔක්තෝබර්
2025 ඔක්තෝම්බර් 27 දින සිට �...

Exam Results
See latest exam results