පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවේ දෙවැනි අදියර

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් යෝජිත පුස්කොළ ලේඛන අධ්‍යයන හා සංරක්ෂණ ඒකකය පිහිටුවීමට පූර්ව පියවරක් වශයෙන් අප්‍රේල් මස 23 වන දින බෙලිඅත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ආරම්භ කෙරුණු පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවේ දෙවැනි අදියර ඉකුත් 24-27 දිනවල සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි. එහි දී පුස්කොළ ලේඛන කලු මැදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් සම්පූර්ණ කර ගැනීම සඳහා වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිසුන්ව පුහුණු කරවන ලදි. ගැඩුඹ ගසක් කපා ගැනීමේ සිට එය කැබලි කිරීම, පිළිස්සීම, අඟුරු වෙන්කරගැනීම හා කුඩු බවට පත්කරගැනීමටත්, නිස්සාරණ ක්‍රියාවලිය මගින් දුම්මල තෙල් නිෂ්පාදනය කර ගැනීමටත් අදාළ කටයුතු මෙහි දී සිදු විය. දුම්මල තෙල් නිස්සාරණ කටයුතුවල දී බෙලිඅත්ත පොලිසියේ නිලධාරීන්ගේ සහාය ලැබීම ද කැපී පෙනුණි. සිසුන්ගේ කටයුතු අධීක්ෂණය හා අවශ්‍ය මඟපෙන්වීම් සිදු කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන්ට අමතරව පුරාවිද්‍යා නිලධාරීන් වන නිලංක උදාර ජයරත්න මහතාත්, පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමියනුත් සහභාගි වී සිටියහ. මෙම වැඩමුලුවේ තෙවන අදියර යටතේ පුස්කොළ ලේඛන කලු මැදීම සිදු කිරීමට අපේක්ෂිතයි.

කථිකාචාර්ය ආචාර්ය. ඉෂාන්ක මල්සිරි - පුරාවිද්‍යා අධ්‍යයන අංශය

Posted in News on May 04, 2021

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results