පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුව

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් යෝජිත පුස්කොළ ලේඛන අධ්‍යයන හා සංරක්ෂණ ඒකකය පිහිටුවීමට පූර්ව පියවරක් වශයෙන් පුස්කොළ සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවක් අප්‍රේල් මස 23 වන දින බෙලිඅත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ආරම්භ කෙරිණි. එම විහාරාධීශ්වර ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය ගැටමාන්නේ ලංකානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උත්සවය සඳහා පුරාවිද්‍යා ගෞරව උපාධිය හදාරන තෙවන වසර ගිහි පැවිදි විද්‍යාර්ථින් නව දෙනෙකු පුහුණුව ලබන්නන් ලෙස සහභාගි වී සිටියහ. ගැටමාන්න දකුණ මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු ප්‍රජාව නියෝජනය කරමින් තිහක පමණ පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධව සිටීම කැපී පෙනුණි. සමාරම්භක උත්සවයේ පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමියන් විසින් සිදු කරන ලද අතර, මහාචාර්ය යමුනා හේරත් මැතිණිය ද මෙම කාර්යභාරයේ වැදගත්කම අගයමින් අදහස් දැක්වූවා ය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංරක්ෂණ හා ප්‍රතිස්ථාපන අංශයේ සහකාර අධ්‍යක්ෂ උදය කබ්රාල් මැතිතුමන් විසින් පුස්කොළ ලේඛන හා ලේඛන සංරක්ෂණයට අදාළව විශේෂ දේශනය පවත්වන ලදි. ආචාර්ය ඉෂංඛ මල්සිරි සමාරම්භක උත්සවයේ කටයුතු මෙහෙයවී ය. ප්‍රායෝගික පුහුණු කටයුතුවල ආරම්භය එදින සවස් කාලයේ ආරම්භ කෙරුණු අතර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංරක්ෂණ හා ප්‍රතිස්ථාපන අංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් සම්පත්දායකයින් වශයෙන් සහභාගි වූහ. මෙම වැඩමුලුව 2021-04-23 සිට 2021-05-05 දක්වා දෙසතියක් මුලුල්ලේ පැවැත්වීමට නියමිත ය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වන පුරාවිද්‍යා නිලධාරී නිලංක උදාර ජයරත්න හා පූජ්‍ය ගම්මහේගේවැව අමිත හිමියන්ගේ සහාය ද ඒ සඳහා ලැබී තිබේ. පුස්කොළ ලේඛන පුහුණු වැඩමුලුව සාර්ථක කර ගැනීම සඳහා මහත් පිටුබලයක් සැපයූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමිපාණන් වහන්සේටත්, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මැතිතුමන්ටත්, අවශ්‍ය භෞතික හා මූල්‍ය පහසුකම් සැලසූ ලේඛකාධිකාරීතුමන්ට හා මූල්‍යාධිකාරීතුමන්ටත් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

WhatsApp Image 2021-04-24 at 8.15.41 PM.jpeg

WhatsApp Image 2021-04-24 at 8.15.42 PM.jpeg

WhatsApp Image 2021-04-24 at 8.15.44 PM.jpeg

WhatsApp Image 2021-04-24 at 8.15.45 PM (1).jpeg

WhatsApp Image 2021-04-24 at 8.15.53 PM.jpeg

Posted in News on Apr 23, 2021

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results