Event Details

PCR/ Rapid Antigen පරීක්‍ෂණය වෙනුවෙන් ගෙවීම් කිරීම

සියලු සිසුන්ගේ දැන ගැනීම සඳහා,

Covid - 19 හේතුවෙන් 2021 ජුනි මස සිට නොවැම්බර් මස දක්වා උක්ත පරීක්‍ෂණ සිදු කරන ලද සිසුන්ට ඒ සඳහා වැය වූ මුදල Rev. Shi Guanguan ශිෂ්‍ය සුභසාධන අරමුදලෙන් ප්‍රතිපූරණය කර ගැනීමට අවස්ථාව සලසා දීමට 2022.01.12 දින පැවති රැස්වීමේ දී තීරණය කර ඇති අතර ඒ සඳහා පහත සඳහන් කර ඇති පරිදි අදාළ ලේඛන සමඟ 2022.02.03 දිනට පෙර සහකාර ලේඛකාධිකාරී (ශිෂ්‍ය සේවා) වෙත ඉල්ලීම් ලිපියක් ලබා දෙන ලෙස මෙයින් දන්වා සිටිමි.

ප්‍රතිපාදන ලබා දෙන ආකාරය:
PCR පරීක්‍ෂණය සඳහා රු. 5,000/- ක් ද Rapid Antigen පරීක්‍ෂණය සඳහා රු. 2,000/- ක් ද වශයෙන් එක් ශිෂ්‍යයෙකුට මෙම පරීක්‍ෂණ දෙකෙන් එකක් සඳහා එක් අවස්ථාවක දී පමණක් ගෙවීම් කරනු ලැබේ. කොවිඩ් - 19 එන්නත්කරණ කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

ඉදිරිපත් කළ යුතු ලේඛන:
01. ඉල්ලීම් ලිපිය
02. බිල්පතේ මුල් පිටපත
03. එන්නත්කරණ කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක්

සහකාර ලේඛකාධිකාරී (මහෝපාධ්‍යාය සම්බන්ධීකරණ හා ශිෂ්‍ය සේවා)
2022.01.20

Posted on Jan 21, 2022

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results