Event Details

මාර්ගගත විභාගය පිළිබඳ ව සිසුන් දැනුවත් කිරීම

2021.10.11 දින සිට 2020/2021 අධ්‍යයන වර්ෂයට අදාළ පළමු සමාසික විභාගය ආරම්භ කොට ඇත. සනාතන සභා අනුමැතිය සහිත ව පවත්වනු ලබන මෙම විභාගය සඳහා සියලු සිසුන් සහභාගී විය යුතුය. 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා නියමිත පළමු සමාසික විභාගය මෙය වන අතර මෙම විභාගය නැවත වරක් නොපැවැත් වේ.

යම් හෙයකින් කිසියම් සිසුවෙකුට නියමිත පරිදි විභාගයට පෙනීසිටීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී පවත්වනු ලබන (2022 වර්ෂයේ දී) පළමු සමාසිකයේ විභාගයකට පෙනී සිටිය හැකිය. එහෙත්, පහත සඳහන් ගැටලු පිළිබඳ වගවීම ඔහු සතුවේ.

01. සිව්වන වසර සිසුවෙකු මෙම විභාගයට පෙනී නොසිටිය හොත් ඉදිරි වර්ෂයක දී පැවැත්වෙන පළමු සමාසික විභාගයට පෙනී සිටිය යුතුය. එහි දී විස්තරාත්මක උපාධි සහතිකය නිකුත්කරනුයේ ඔබ අවසන්වරට විභාගයට පෙනී සිටිය දිනය සැලකිල්ලට ගෙනය.

02. තෙවන වසර සිසුවෙකු මෙම විභාගයට පෙනී නොසිටිය හොත් පළමු සමාසික විභාගය පවත්වන අවස්ථාවක දී ඒ සඳහා පෙනීසිටිය හැකිය. ඔබ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය හදාරන අයෙකු නම් ඔබගේ විස්තරාත්මක උපාධි සහතිකය නිකුත්කරනුයේ ඔබ අවසන්වරට විභාගයට පෙනී සිටිය දිනය සැලකිල්ලට ගෙනය.

03. දෙවන වසර සිසුවෙකු මෙම විභාගයට පෙනී නොසිටිය හොත් පළමු සමාසිකය සඳහා විභාගය පවත්වන අවස්ථාවක දී ඒ සඳහා පෙනී සිටිය හැකිය. එහි දී සමාසික දෙකකට අදාළ විභාග සඳහා එකවර පෙනී සිටීමට සිදු වේ.

04. පළමු වසර සිසුවෙකු මෙම විභාගය සඳහා පෙනී නොසිටිය හොත් ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් නොලබයි. ඒ අනුව, ඉදිරි වර්ෂයක දී පවත්වනු ලබන පළමු සමාසික විභාගයක් සඳහා පෙනී සිට එම වර්ෂයේ සිසුන් සමග ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව සැලසේ. එමෙන් ම සමාසික දෙකකට අදාළ විභාග සඳහා එකවර පෙනී සිටීමට ද සිදු වේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වනු ලබන මෙම විභාගය සඳහා උනන්දුවෙන් යුතුව පෙනී සිටින ලෙසත් කිසියම් ශිෂ්‍යයෙක් / කණ්ඩායමක් / පාර්වශයක් විභාගයට පෙනී නොසිටින ලෙස ඔබට යම් බලපෑමක් කරන්නේ නම් ඒ පිළිබඳ පීඨාධිපතිවරුන් දැනුවත් කරන ලෙසත් දන්වා සිටිමි.

මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ කාර්යයන් ඉටුකරන)
2021.10.11

Posted on Oct 11, 2021

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results