Event Details

මාර්ගගත විභාගය පිළිබඳ ව සිසුන් දැනුවත් කිරීම

2021.10.11 දින සිට 2020/2021 අධ්‍යයන වර්ෂයට අදාළ පළමු සමාසික විභාගය ආරම්භ කොට ඇත. සනාතන සභා අනුමැතිය සහිත ව පවත්වනු ලබන මෙම විභාගය සඳහා සියලු සිසුන් සහභාගී විය යුතුය. 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා නියමිත පළමු සමාසික විභාගය මෙය වන අතර මෙම විභාගය නැවත වරක් නොපැවැත් වේ.

යම් හෙයකින් කිසියම් සිසුවෙකුට නියමිත පරිදි විභාගයට පෙනීසිටීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී පවත්වනු ලබන (2022 වර්ෂයේ දී) පළමු සමාසිකයේ විභාගයකට පෙනී සිටිය හැකිය. එහෙත්, පහත සඳහන් ගැටලු පිළිබඳ වගවීම ඔහු සතුවේ.

01. සිව්වන වසර සිසුවෙකු මෙම විභාගයට පෙනී නොසිටිය හොත් ඉදිරි වර්ෂයක දී පැවැත්වෙන පළමු සමාසික විභාගයට පෙනී සිටිය යුතුය. එහි දී විස්තරාත්මක උපාධි සහතිකය නිකුත්කරනුයේ ඔබ අවසන්වරට විභාගයට පෙනී සිටිය දිනය සැලකිල්ලට ගෙනය.

02. තෙවන වසර සිසුවෙකු මෙම විභාගයට පෙනී නොසිටිය හොත් පළමු සමාසික විභාගය පවත්වන අවස්ථාවක දී ඒ සඳහා පෙනීසිටිය හැකිය. ඔබ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය හදාරන අයෙකු නම් ඔබගේ විස්තරාත්මක උපාධි සහතිකය නිකුත්කරනුයේ ඔබ අවසන්වරට විභාගයට පෙනී සිටිය දිනය සැලකිල්ලට ගෙනය.

03. දෙවන වසර සිසුවෙකු මෙම විභාගයට පෙනී නොසිටිය හොත් පළමු සමාසිකය සඳහා විභාගය පවත්වන අවස්ථාවක දී ඒ සඳහා පෙනී සිටිය හැකිය. එහි දී සමාසික දෙකකට අදාළ විභාග සඳහා එකවර පෙනී සිටීමට සිදු වේ.

04. පළමු වසර සිසුවෙකු මෙම විභාගය සඳහා පෙනී නොසිටිය හොත් ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් නොලබයි. ඒ අනුව, ඉදිරි වර්ෂයක දී පවත්වනු ලබන පළමු සමාසික විභාගයක් සඳහා පෙනී සිට එම වර්ෂයේ සිසුන් සමග ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව සැලසේ. එමෙන් ම සමාසික දෙකකට අදාළ විභාග සඳහා එකවර පෙනී සිටීමට ද සිදු වේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වනු ලබන මෙම විභාගය සඳහා උනන්දුවෙන් යුතුව පෙනී සිටින ලෙසත් කිසියම් ශිෂ්‍යයෙක් / කණ්ඩායමක් / පාර්වශයක් විභාගයට පෙනී නොසිටින ලෙස ඔබට යම් බලපෑමක් කරන්නේ නම් ඒ පිළිබඳ පීඨාධිපතිවරුන් දැනුවත් කරන ලෙසත් දන්වා සිටිමි.

මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ කාර්යයන් ඉටුකරන)
2021.10.11

Posted on Oct 11, 2021

Upcoming Events

Dec

16

16 Dec - 07 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results