Event Details

මාර්ගගතව දේශන පැවැත්වීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙවන සමාසිකයට අදාළ අධ්‍යයන කටයුතු 2023.01.23 දින සිට මාර්ගගත ව නැවත ආරම්භ කරන ලදී. එහෙත් එම දේශන සඳහා සම්බන්ධ වන සිසුන්ගේ අඩුවක් පවතින බැවින් ඒ පිළිබඳ සොයාබැලීමේ දී අනාවරණය වූයේ ඇතැම් කඩාකප්පල්කාරී සිසුන් විසින් සිසුන්ට දේශනවලට සහභාගී නොවන ලෙස බියවැද්දීම් හා තර්ජනය කිරීම් සිදුකරනු ලබන බවයි. මෙලෙස තර්ජනය කිරීම් හා බියවැද්දීම් සිදුකරනු ලබන සිසුන් කිහිපදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර එය ශිෂ්‍ය විනය යටතේ සහ 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

2023.01.16 දින පැවති විශේෂ පාලක සභාවේ දී ගන්නා ලද තීරණය පරිදි 2023.01.30 දින සිට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය තාවකාලික ව තහනම් කොට ඇත. එබැවින්, ශිෂ්‍ය සංගමය හෝ වෙනත් සංගමයක් විශ්වවිද්‍යාලය විසින් පිළි නොගන්නා බව මෙයින් දන්වා සිටිමි.

ඒ අනුව, මාර්ගගත දේශන සඳහා සහභාගීවන සිසුන්ට ඒ සඳහා සම්බන්ධ නොවන ලෙස කිසිදු ශිෂ්‍යයෙකු විසින් බලපෑමක්, තර්ජනයක් හෝ බියවැද්දීමක් සිදු නොකරන ලෙස තරයේ අවවාද කරමි.

තවදුරටත් කිසියම් ශිෂ්‍යයෙකු හෝ කණ්ඩායමක් විසින් එවැනි කටයුතු සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග අනුගමන කරන බව මෙයින් දන්වා සිටිමි.

මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස නායක ස්ථවිර
මහෝපාධ්‍යායයන් වහන්සේ
2023.02.06

Posted on Feb 06, 2023

Upcoming Events

May

08

08 May - 24 May
Extension of registration period for english language coursers
The Faculty of Graduate Studies and center for external exam...

May

02

02 May - 10 May
සංශෝධනය නොකළ කාලසටහන/ not amended time table - may/ june - 2025
පළමු, දෙවන, තෙවන සහ සිව්...

Apr

30

30 Apr - 30 May
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

30

30 Apr - 09 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.04.11 දින නිකුත් කළ 2024 මැ�...

Apr

29

29 Apr - 30 May
Extension of registration period for short courses on languages (online) - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

28

28 Apr - 30 Apr
Issuing results - higher diploma in buddhist counselling - november 2024
Results of the Advanced Certificate Course, Diploma and High...

Exam Results
See latest exam results