Event Details

ශාස්ත්‍රපති උපාධි පාඨමාලා ගාස්තුව ගෙවා අවසන් කිරීම (2021/2022 ලියාපදිංචි සිසුන්)

මෙම විශ්වවිද්‍යාලයේ 2021 හා 2022 අධ්‍යයන වර්ෂයන්හි ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වී සිටින ඔබවහන්සේ/ ඔබ, මේ වන තෙක් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවා අවසන් කර නොමැති නම් 2022.12.31 දිනට පෙර අදාළ ගෙවීම් කරන ලෙස දන්වා සිටිමි.

සැ.යු. මෙවර විභාගයට පෙනී නොසිටිය ද සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවා අවසන් කළ යුතු බව දන්වා සිටිමි.

මුදල් ගෙවීම දිවයිනේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් හෝමාගම ලංකා බැංකුවේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගිණුම් අංක 711202 ට බැර කළ හැකි අතර රිසිට්පත ලියාපදිංචි තැපැල් මගින් හෝ පහත ලිපිනයට රැගෙනවිත් 2022.12.31 දිනට පෙර ලබාදිය යුතු අතර, රිසිට්පත පිටුපස නම, ලියාපදිංචි අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.
තැපැල් මගින් එවන්නේ නම් ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි “ශාස්ත්‍රපති උපාධි පාඨමාලා ගාස්තු - 2022 යනුවෙන් සඳහන් කළ යුතුය.

සහකාර ලේඛකාධිකාරී,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
ශාස්ත්‍රපති එක් අවුරුදු පාඨමාලා ගාස්තුව (අයදුම්පත් ගාස්තුව සමඟ) - රු. 37500.00
ශාස්ත්‍රපති දෑ අවුරුදු පාඨමාලා ගාස්තුව (අයදුම්පත් ගාස්තුව සමඟ) - රු. 57500.00

මින් පෙර අදාළ ගාස්තු ගෙවා සම්පූර්ණ කර ඇත්නම් මෙය නොසලකා හැරීමට කටයුතු කරන්න. වැඩි විස්තර සඳහා දුරකථන අංක 011-2580609 / 2502944 අමතන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

සහකාර ලේඛකාධිකාරී,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය.

Posted on Dec 23, 2022

Upcoming Events

May

08

08 May - 24 May
Extension of registration period for english language coursers
The Faculty of Graduate Studies and center for external exam...

May

02

02 May - 10 May
සංශෝධනය නොකළ කාලසටහන/ not amended time table - may/ june - 2025
පළමු, දෙවන, තෙවන සහ සිව්...

Apr

30

30 Apr - 30 May
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

30

30 Apr - 09 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.04.11 දින නිකුත් කළ 2024 මැ�...

Apr

29

29 Apr - 30 May
Extension of registration period for short courses on languages (online) - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

28

28 Apr - 30 Apr
Issuing results - higher diploma in buddhist counselling - november 2024
Results of the Advanced Certificate Course, Diploma and High...

Exam Results
See latest exam results