බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස්  ඩිප්ලෝමා පාඨමාලාව 

පාඨමාලාවේ ස්වරූපය

උක්ත පාඨමාලා බෞද්ධ මනෝවිද්‍යාව, බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ පූර්ණ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමේ අරමුණෙන් සැලසුම් කරන ලද්දකි. නූතන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බෞද්ධ උපදේශනය සඳහා ඉහළ පිළිගැනීමක් හිමිව තිබේ. ස්වකීය ජීවිතය කළමනාකරණය කර ගැනීමට  මෙන්ම උපකාරක සේවාවක් ලෙස උපදේශන සේවාවේ යෙදී සිටින හා එයට පිවිසීමට කැමති ඕනෑම අයෙකුගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම මෙම පාඨමාලා තුළින් ලබාදීමට අපේක්ෂිතය. මනෝඋපදේශකයින්, විද්‍යාර්ථීන්, අධ්‍යාපන, සෞඛ්‍ය, නීති, මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත  වෘත්තීයවේදීන්ට හා ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට මෙන්ම බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ හරවත් ශාස්ත්‍රීය හැදෑරීමකට කැමති ඕනෑම කෙනෙකුට ගැළපෙන පරිදි සැකසූ සති අන්ත පාඨමලා ලෙස මෙම පාඨමාලා හඳුන්වා දී ඇත.

ඇතුළත්වීමේ සුදුසුකම් :

01.  බෞද්ධ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව :

  • අ.පො.ස. (සා/පෙළ) විභාගය සමත් වී තිබීම හෝ අ.පො.ස. (උ/පෙළ) විභාගය සමත් වී තිබීම.
  • උපදේශන සේවාවේ නියුතු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයක වසර 2ක පළපුරුද්දක් සහිත අයෙකු වීම හෝ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත්වීම හෝ බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත්වීම සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය සනාතන සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම්.

02. බෞද්ධ උපදේශනය උසස්  ඩිප්ලෝමා පාඨමාලාව

  • පිළිගත් විශ්වවිද්‍යාලයකින් කවර හෝ ක්‍ෂේත්‍රයක උපාධියක් ලබා තිබීම හෝ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් පිරිනමන බෞද්ධ උපදේශන ඩිප්ලෝමාව / දෑවුරුදු උසස් සහතික පත්‍ර පාඨමාලාව සමත් ව තිබීම

හෝ

  • කවර හෝ විශ්වවිද්‍යාලයකින් පිරිනමන බෞද්ධ උපදේශන /මනෝවිද්‍යා ඩිප්ලෝමාවක් සමත් ව තිබීම හෝ පිළිගත් අධ්‍යාපන ආයතනයකින් පිරිනමන මනෝවිද්‍යාව හෝ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් සමත් ව තිබීම හෝ දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා/ උසස් ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත්ව තිබීම හෝ බුද්ධධර්ම උසස් ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත් වීම හෝ උපදේශන සේවාවේ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයක වසර 3ක පළපුරුද්දක් තිබිම.

පාඨමාලා කාලය :

බෞද්ධ උපදේශන ඩිප්ලෝමා / උසස් ඩිප්ලෝමා  පාඨමාලාව :   අවුරුදු 01

මාධ්‍යය :

සිංහල

ලියාපදිංචිය :

බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස් ඩිප්ලෝමා පාඨමාලාව - 2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් 

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results