
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
උපාධි අපේක්ෂකයන් වහන්ස/ මහත්මයාණෙනි,
විභාග පැවැත්වෙන කාල සීමාවන් තුළ දී ඔබට වැදගත් වන සහ ඔබ විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පහත දක්වා ඇත. මෙම සියලු පියවරයන් පවතින COVID - 19 අවදානම තුළ ඔබගේ සහ ඔබ සමඟ උපාධි අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාගේත් විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩලයේත් ආරක්ෂාව මත පදනම්ව පමණක් ගෙන ඇති බව අවධාරණය කෙරේ.
- නේවාසිකාගාර හා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ රැඳී සිටින කාලයේ දී සියලුම විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාල COVID - 19 මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතුය.
- සියලුම ආකාරයේ රැස්වීම් සහ කණ්ඩායම් අධ්‍යයන සැසි දැඩි ලෙස තහනම්ය.
- විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇති විභාග ශාලා හැර අනෙකුත් දේශන ශාලා/ කාමර විභාග පැවැත්වෙන කාල සීමාව තුළ වසා තැබෙනු ඇත.
- උපාධි අපේක්ෂකයන් විභාග කාලය තුළ බාහිර සමාජය සමඟ ඔවුන්ගේ සබඳතා හා නිරාවරණය උපරිම ලෙස සීමා කිරීම අනිවාර්යය වේ.
- උපාධි අපේක්ෂකයන් සියල්ලන් සෑම විටම සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු අතර මුහුණු ආවරණ නිසි ලෙස පැළඳීම හා දෑත් පිරිසිදු කරගැනීම අනිවාර්යය වේ.
- නේවාසිකාගාර පහසුකම් ලබා ඇති උපාධි අපේක්ෂකයන්, විභාගයට සහභාගි වීමට හැර නේවාසිකාගාරයෙන් පිටව නොයන ලෙස තරයේ අවවාද කරනු ලැබේ.
- ආපනශාලා හිමියන්ට ආහාර පැකට් පමණක් නිකුත් කිරීමට අවසර දී ඇත. ආහාර මිලදී ගත් පසු, උපාධි අපේක්ෂකයන් වහාම ආපනශාලාවෙන් පිටවිය යුතුය. නේවාසිකාගාරයේ ඔබට වෙන් වී ඇති කාමරය තුළ ආහාර අනුභව කළ හැක.
- නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුඑ වීමට පෙර සියලුම උපාධි අපේක්ෂකයින් COVI - 19 මාර්ගෝපදේශ පිළිපදින බවට සහතික කරමින් ප්‍රකාශන පෝරමයකට අත්සන් කළ යුතුය.
- සියලු උපාධි අපේක්ෂකයන් නේවාසිකාගාර පරිශ්‍රය තුළ රැඳී සිටින කාල සීමාවේ දී සිය සංචරණයන් උපරිම ලෙස සීමා කළ යුතු අතර සෑමවිටම සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුය. සියලුම විද්‍යාර්ථින් තමන්ට වෙන්කර ඇති කාමරවලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණ නිසි ලෙස පැළඳිය යුතුය.
- සෑම උපාධි අපේක්ෂකයෙකුම තමන්ට පවරා ඇති නේවාසිකාගාර කාමරය තුළම රැඳී සිටිය යුතුය. කිසිදු හේතුවක් මත තමන්ට වෙන් කළ කාමර වෙනස් කළ නොහැකිය.
- උපාධි අපේක්ෂකයන්ට නිසි අවසරයකින් තොරව නේවාසිකාගාරයෙන් පිටවීම නොකළ යුතුය.
- නේවාසිකාගාරවලට කිසිදු අමුත්තෙකු රැගෙන ඒමට හෝ නවත්වා ගැනීමට අවසර නොමැත.
- විධිමත් අවසරයකින් තොරව රාත්‍රී 8 න් පසු නේවාසිකාගාරවලට ඇතුළුවීමට හෝ ඉන් පිටවීමට සිසුන්ට අවසර නොමැත.
- නේවාසිකාගාර පරිශ්‍රය තුළ රැස්වීම්, කණ්ඩායම් අධ්‍යයන සැසි පැවැත්වීම සපුරා තහනම්ය.
- නේවාසිකාගාරයේ සිට අධ්‍යයන පරිශ්‍රයට ඇතුළු වන සෑම අවස්ථාවකදීම ශරීර උෂ්ණත්වය නිසි ලෙස මැනීම අනිවාර්ය වේ.
- පවතින වාතාවරණය මත නේවාසිකාගාර තුළට සිසුන් ඇතුළත් කිරීම/ විභාග ශාලාවලට ඇතුළත් කිරීම ඉතා සුපරීක්ෂාකාරීව කළ යුතු බැවින් එහිදී යම් යම් ප්‍රමාදයන් ඇති විය හැකිය. එම අවස්ථාවන්වලදී ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව ක්‍රියා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
- උපාධි අපේක්ෂකයින් නේවාසිකාගාරවලට ඇතුළත් වීමේදී සහ විභාග ශාලාවලට ප්‍රවේශ වීමට පෙර ඔවුන්ගේ පෞද්ගලික සුවතාවය ගැන සැලකිලිමත් විය යුතුය. නේවාසිකාගාරවලට ඇතුළත් වීමේදී නේවාසිකාගාරවල රැඳී සිටියදී සහ/හෝ විභාගවලට සහභාගී වීමේදී කිසියම් සිසුවෙකුට COVID - 19 බවට සැක සහිත රෝග ලක්ෂණ දැනේ නම් ඔවුන් විශ්වවිද්‍යාලයට පිවිසීමට පෙර විභාග අංශයට හෝ විශ්වවිද්‍යාලයට දුරකථන ඇමතුමකින් දැනුම් දිය යුතුය. (විභාග අංශයේ දු.ක : 0112857784 විශ්වවිද්‍යාලයේ දු.ක : 0112857786, Whatsapp 0710312273)
- විභාග කාලසීමාව තුළ කිසියම් විභාග අපේක්ෂකයෙකු පහත සඳහන් කවර හෝ තත්ත්වයකට මුහුණ දුනහොත් වහාම දුරකථන ඇමතුමක් මගින් විශ්වවිද්‍යාලයට දැනුම් දිය යුතු අතර විශ්වවිද්‍යාලයට/ නේවාසිකාගාරයට වාර්තා කිරීමට පෙර පහත link එක මඟින් google පෝරමය පුරවා තොරතුරු ලබා දිය යුතුය.
https://forms.gle/xGniGRoULRJJQRxQA
- ඔබ COVID - 19 රෝගියෙකු ලෙස තහවුරු වුවහොත් හෝ සැක කළහොත්
- තහවුරු කරන ලද හෝ සැක කරන ලද COVID - 19 රෝගියෙකුගේ සමීප සම්බන්ධතාවක් ඇත්තෙකු ලෙස ඔබ හඳුනාගෙන තිබේ නම්
- ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයින්ට නිරෝධායනය වීමට උපදෙස් දෙන්නේ නම්
- විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවලට පැමිණෙන විට අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) මහතාගෙන් COVID – 19 අවදානමක් නොමැති බවට ලබා ගන්නා ලද සහතිකය අනිවාර්යය වේ.
- COVID - 19 රෝගයෙන් ආරක්ෂා වීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නිර්දේශිත පහත කරුණු පිළිපැදීමට ඔබ යොමු වෙතැයි අපේක්ෂා කෙරේ.
- හුමාලය ඇල්ලීම
- උණු ජලය පානය කිරීම
වැනි ප්‍රතිශක්තිකරණය ඇති කරන සෞඛ්‍ය පුරුදු නිරන්තරව පවත්වාගෙන යාම.
- තමන්ට අදාළ පරීක්ෂණයේ සියලු විභාග ප්‍රශ්න පත්‍රයන්ට පෙනී සිටීමෙන් අනතුරුව වහාම නේවාසිකාගාරවලින් පිටවීමට කටයුතු කළ යුතුය.
(සියලුම උපාධි අපේක්ෂකයින් නේවාසිකාගාරවල සහ පීඨ /විශ්වවිද්‍යාල පරිශ්‍රයන්හි රැඳී සිටින කාලය තුළ විශ්වවිද්‍යාල COVID - 19 මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතුය. විශ්වවිද්‍යාල COVI - 19 මාර්ගෝපදේශ වලට සිසුන් අනුගත වීම නිරීක්ෂණය කිරීම සඳහා සියලුම ආචාර්යවරුන්ට, ශිෂ්‍ය උපදේශකවරුන්ට, නේවාසිකාගාර පාලකවරුන්ට, නේවාසිකාගාර උප පාලකවරුන්ට සහ ආරක්ෂක නිලධාරීන්ට බලය ඇත. විශ්වවිද්‍යාල COVID - 19 මාර්ගෝපදේශනයන්ට අනුකූලවීමට අපොහොසත් වීම. නේවාසිකාගාර පහසුකම් අහිමිවීමට හා/හෝ අධ්‍යයන වර්ෂයේ ඉතිරි විභාගවලට පෙනී සිටීම සඳහා නුසුදුස්සකු වීමට හේතු විය හැකි ය.)
මහෝපාධ්‍යායයන් වහන්සේ
(ධුරයේ කාර්යයන් ඉටුකරන)
2021.02.03
Upcoming Events
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...
Exam Results