Undergraduate Studies 


විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා)


සාමාන්‍ය ප්‍රවේශය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2021 වර්ෂයේ හා 2022 වර්ෂයේ පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හා ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි පහත සඳහන් සුදුසුකම් ලබා ගත් වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන්  අයදුම්පත් කැඳවනු ලැබේ.


ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම්:

1. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී බෞද්ධ විෂය ක්ෂේත්‍රයේ විෂයක් (බෞද්ධ ශිෂ්ටාචාරය/බුද්ධධර්මය) හා පාලි විෂය සහිත ව විෂයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම.

හෝ

2. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සංස්කෘත හෝ ඉතිහාසය හෝ සිංහල සහ පාලි විෂය සහිත ව විෂයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම.

හෝ

3. නියමිත වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී පාලි විෂයට පෙනී නොසිටියේ නම් අ.පො.ස. (උ.පෙළ) බෞද්ධ විෂයක් (බෞද්ධ ශිෂ්ටාචාරය/බුද්ධධර්මය) සහ භාෂා විෂයක් සහිත ව විෂයන් තුනකින් සමත් වීම සමග සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට 30කට නොඅඩු ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම සහ පාලි විෂය පිළිබඳ අවම වශයෙන් පහත සඳහන් සුදුසුකම්වලින් එකක් වත් සපුරා තිබීම.

i. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ පාලි විෂය සමත් වීම.

ii. මූලික පිරිවෙන් අවසාන විභාගයේ පාලි විෂය සමත් වීම.

iii. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පාලි විෂය සමත් වීම.

iv. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පාලි ඩිප්ලෝමා පරීක්‍ෂණය සමත් වීම.

v. බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වීම.

හෝ

4. ප්‍රාචීන මධ්‍යම විභාගය සමග නියමිත වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) සමත්වීම සහ සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයට ලකුණු 30ක් ලබා තිබීම.


සංස්කෘත විශේෂ ප්‍රවේශය

විශ්වවිද්‍යාලය තුළ සංස්කෘත පාඨමාලාව සඳහා ශිෂ්‍යයන් උනන්දු කරවීම අරමුණු කොට ඉහත සඳහන් වර්ෂවල පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් සංස්කෘත විෂයට සාමර්ථ්‍යයක් සහිත ව අදාළ ප්‍රවේශ සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍යයන්ගෙන් ද සීමිත සංඛ්‍යාවක් සංස්කෘත විෂය අනිවාර්ය කොට විශ්වවිද්‍යාලයට බඳවා ගනු ලැබේ.  සංස්කෘත විෂය අනිවාර්ය කර බඳවා ගත් සිසුන් තම අධ්‍යයන කාලය තුළ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) හෝ ශාස්ත්‍රවේදී (විශේෂ) පාඨමාලා සඳහා එම විෂය ම හැදෑරිය යුතු ය. එම කාලය තුළ වෙනත් පාඨමාලාවලට මාරු කරනු නො ලැබේ.


සැ.යු.:- විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට සහ උපාධි ප්‍රදානයට අදාළ නීතිරීතිවලට යටත් ව සිසුන් ලියාපදිංචි කරන බව ද, පැවිදි ශිෂ්‍යයෙකු වශයෙන් ලියාපදිංචිය ලබා ගත් පසු උපැවිදි වුවහොත් ශිෂ්‍ය භාවය හා ඊට හිමි සියලු වරප්‍රසාද අහිමි වන බව ද, පැවිදි ශිෂ්‍යයෙකු උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රථම උපැවිදි වුවහොත් අනුපස්ථිතියෙහි පමණක් අදාළ උපාධිය ප්‍රදානය කරනු ලබන බව ද පැවිදි නමින් පමණක් උපාධි සහතිකය ප්‍රදානය කරනු ලබන බව ද සැලකිය යුතු ය.

ලේඛකාධිකාරී (වැඩබලන)

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,

ගුරුළුගෝමී මාවත,

පිටිපන උතුර, හෝමාගම.



Downloads 


Upcoming Events

May

02

02 May - 20 Jun
සංශෝධනය කළ කාලසටහන්/ amended timetables - may/ june, 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Exam Results
See latest exam results