ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලැබූ “නූතන සමාජ අභියෝග හමුවේ පැරණි ප්‍රාචීන දැනුම සොයා යාමේ අවශ්‍යතාව” යන මාතෘකාව යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහණ සෙනවිරත්න මහතා විසින් මෙහෙයවනු ලැබූ දේශණය 2019 9.11 පස්වරුවේ විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ගේ සහභාගිත්වයෙන් හා සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති හිමියන් ප්‍රධාන කොටගත් දර්ශනය, ඉංග්‍රීසි අංශාධිපති වරුන් හා මහාචාර්ය කථිකාචාර්ය හිමිවරු හා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා සහභාගීත්වය වැඩසටහන පැවැත්විය. වර්තමාන සමාජයේ අධ්‍යාපනික යථාර්ථවාදී දර්ශනයට ද අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ යාම සඳහා කළයුතු වැඩපිළිවෙල පිළිබඳව ද ප්‍රාචීන දැනුම සොයා යාමේ අවශ්‍යතාවය හා කළමනාකරණය මෙහිදී මූලික අංගයක් ලෙස සංකේත කරුණු කාරණා සංක්ෂිප්තව විස්තර වශයෙන් පැහැදිලි කෙරින.