ජාතික උරුමයක් ලෙස පසුගිය ජනවාරි 5 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රකාශයට පත් කරන ලද ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් කිරීමේ අරමුණ පෙරදැරිව සිදුකෙරෙන ‘ත්‍රිපිටකාභිවන්දන සතිය’ පදනම් කරගත් ජාතික වැඩසටහන් මාලාවක් මාර්තු 16 සිට 23 දක්වා කාලය තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයේ දායකත්වයෙන් සංවිධානය කර ඇත.
ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාවට පූර්වගාමීව මෙම සතිය ක්‍රියාත්මක ය.ලබන 23 වන දා එම යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රි ලංකාව ඉදිරිපත් කරන මෙම යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ලබන 23 වන දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ඒ, ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙනි.ථේරවාදී ත්‍රිපිටකය මෙරට ජාතික උරුමයක් බවට පත් කිරීම පසුගියදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලුවිහාර පුදබිමේදී සිදු කෙරිණි.