40 වන සංවත්සර උත්සවය - මහාචාර්ය පූජ්‍ය වල්පොල රාහුල නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණය හා රුක් රෝපණ වැඩසටහන
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කොට වර්ෂ 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සමරු උත්සවයක් 2022.04.21 හා 22 යන දෙදින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පීඨ පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ලද මහාචාර්ය පූජ්‍ය වල්පොල රාහුල නාහිමියන් සිහිපත් කිරීමත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන ලද අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මියගිය අයට පින් පැමිණවීමත් හා වර්තමාන අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කිරීම මෙහි අරමුණ විය.
40වන සංවත්සරයට සමගාමීව “වල්පොල රාහුල හිමි ප්‍රත්‍යවේක්ෂණ සංකථනය” යන මැයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් 2022.04.21 දින ප.ව. 2.00 සිට 4.00 දක්වා මාර්ගගතව පවත්වන ලදී. මෙහි සම්පත්දායකයින් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි සහ ඇමරිකාවේ University of West හි මහාචාර්ය පූජ්‍ය නිවිතිගල සුමිත්ත හිමි කටයුතු කරන ලදී.
2022.04.22 - රුක් රෝපණ වැඩසටහන
40වන සංවත්සරය සමරනු වස් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන හා අනධ්‍යයන අංශ ප්‍රධානීන්ගේ සහ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් 2022.04.22 දින පෙ.ව. 10.00 සිට 11.00 දක්වා රුක් රෝපණ වැඩසටහන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පීඨ පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
තවත් ඡායාරූප: https://www.facebook.com/bpusrilanka/posts/2756093524536002