බෞද්ධ අධ්‍යයන පීඨය හා භාෂා අධ්‍යයන පීඨය සඳහා එක් එක් පිඨ ශිෂ්‍ය සංගමය බැගින් පිහිටුවා ගැනීම පිණිස කෝවිඩ් - 19 වසංගත තත්ත්වය මත මාර්ගගතව නාම යෝජනා කැඳවීම පහත සඳහන් පරිදි සිදු කරනු ලැබේ.
බෞද්ධ අධ්‍යයන පීඨය
දිනය : 2021 අගෝස්තු මස 18 දින
වේලාව : පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා
ස්ථානය : බෞද්ධ අධ්‍යයන පීඨ කාර්යාලයේ දී
භාෂා අධ්‍යයන පිඨය
දිනය : 2021 අගෝස්තු මස 18 දින
වේලාව : පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා
ස්ථානය : භාෂා අධ්‍යයන පීඨ කාර්යාලයේ දී
නාමයෝජනා ඉදිරිපත් කිරීම මෙහි ප්‍රදර්ශනය කර ඇති ආකෘති පත්‍රය අනුව සිදු කළ යුතුය. ආකෘති පත්‍රය විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙන් බාගත කර ගත යුතුය. අදාළ ආකෘති පත්‍රය පුරවා යෝජක හා ස්ථිර කරන්නාගේ අත්සන් ලබා ගෙන තිදෙනාගේ ම ශිෂ්‍ය වාර්තා පොතේ ශිෂ්‍යයාගේ නම සහ අත්සන සඳහන් පිටුවේ ඡායා පිටපත් තුනක් (03) සමඟ
2021.08.18 දින පෙ.ව. 10.00 පෙර ලැබෙන සේ
ලියාපදිංචි තැපැල් මගින් පමණක් එවිය යුතුය.
නාමයෝජනා ආකෘති පත්‍රය සහ විස්තර පත්‍රිකාව මෙතැනින් ලබා ගන්න.
ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය